ජවිපෙ හිටපු නායක රෝහණ විජේවීර කඳුකරය වගා කටයුතු සහ වෙනත් කටයුතු සඳහා යොදාගත හොත් සිදුවිය හැකි ආපදා ගැන 1970 කාලයේ දී දැනුම්වත් කළ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නිමල් පළිහේන පවසයි.
“අපේ සදාදර නායක රෝහණ විජේවීර 1970 අගෝස්තු 10 වෙනිදා අඩි පන්දාහට උස් භූමිය ගොවිතැන සහ ඉදිකිරීම් සඳහා භාවිත කළොත් අවුරුදු 30-40කින් ඇති වන ගිලා බැසීම් සහ කඳු නාය යෑම් නිසා ඇති වන විනාශය ගැන අනතුරු අඟවනවා.
අද අපි ඒ පක්ෂේ නායකයන් විදිහට ඒවා අත්විඳිනවා. විවෘත ආර්ථිකය එක්ක ඉදිකළ ජලාශ නිසා පරිසර පද්ධතියට වුණ හානිය මේ නාය යෑම්වලට හේතුවක්.
මේ පරිසර පද්ධතියට හානි කිරීම සහ අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම් එක්ක කරන ලද දේශපාලන ඉදිකිරීම් නිසා මේ සියල්ල සිදුවුණා කියන එකට සාක්ෂි ඕන තරම් තියෙනවා.”
අද (05) පාර්ලිමේන්තුව අමතමින් නිමල් පළිහේන මේ බව කීය.