දුම්රිය මාර්ග පද්ධතියෙන් 70%කට දැඩි හානි සිදුව ඇති නිසා දුම්රිය වැඩි සංඛ්‍යාවක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි නන්දන ඉඳිපොළගේ පවසයි.
මේ වන විට හමුදාවේ සහයෝගයෙන් මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද ප්‍රධාන මාර්ගයේ එක් මාර්ගයක් හෝ ප්‍රතිසංස්කරණය කර රඹුක්කන දක්වා දුම්රිය ධාවනය කරවීමට කටයුතු කරගෙන යන බව ද හෙතෙම පැවසීය.
නාය යෑම් හා ජල ගැලීම් හේතුවෙන් කොළඹට පැමිණීමට නොහැකිව දුම්රිය මාර්ගවල තැනින් තැන දුම්රිය 30කට අධික ප්‍රමාණයක් හිර වී ඇතැයිද කී ඉඳිපොළගේ මහතා ඒවා සකස් කර හිර වී තිබෙන දුම්රියන් එම ස්ථානවලින් මුදා ගෙන ධාවනයට එක් කර ගැනීමට කටයුතු කරගෙන යන බවද කීය.
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන බොහොමයක් නාය යෑමට ලක්වීමේ හේතුවෙන් එම මාර්ගය ප්‍රතිසංස්කරණය කර කොළඹ සිට මහනුවර බලා දුම්රියක් ධාවනය කිරීමට වසරක කාලයක් ගත විය හැකි බව ප්‍රවාහන මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.
පේරාදෙණිය කළු පාලම හා එම දුම්රිය මාර්ගයට සිදුවී ඇති හානිය නිරීක්ෂණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් ඊයේ එහි ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී පාලම අංශක 7කට ඇලවීමෙන් පාලමේ පාදමට හානියක් වී ඇති බවත් ඒ අනුව, මෙම පාලම මතින් දුම්රියක් ධාවනය කළ නොහැකි බවත් තීරණය කර ඇත.