අවුරුදු දෙකෙන් තිබ්බට වඩා හොඳ රටක් හදනවා…! – ඇමති බිමල් රත්නායක…

December 5, 2025 at 9:19 am | by emanisa.lk

රට නැවත ගොඩ­න­ඟ­මින් වසර දෙකක් තුළ මීට වඩා හොඳ රටක් අපේ දරු­වන් වෙනු­වෙන් තිළිණ කරන බව ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන ඇමැති බිමල් රත්නා­යක ප්‍රකාශ කරයි.

“ආර්ථි­ක­යට සහ සමා­ජ­යට ආපදා තත්ත්ව­යෙන් විශාල බල­පෑ­මක් එල්ල­කර තිබෙ­නවා. අපි මේ වෙනු­වෙන් සැල­සුම් සහ­ග­තව කට­යුතු කර­නවා. ප්‍රමුඛ කට­යුතු හඳු­නා­ගෙන තිබෙ­නවා. ස්ථිර­සාර සහ තාව­කා­ලික කට­යුතු හඳු­නා­ගෙන තිබෙ­නවා.

හැම ප්‍රශ්න­යක් දෙසම අපි මේ අව­ස්ථාවේ මේ දෘෂ්ටි කෝණ­යෙන් බල­නවා. මේ හදිසි සහ තාව­කා­ලික ප්‍රති­කර්ම දෙස වැඩි අව­ධා­න­යක් යොමු­කර තිබෙ­නවා. මෙයි විනා­ශ­යට පත්වූ පැති විශාල ප්‍රමා­ණ­යක් තිබෙ­නවා.

යාප­නය දිස්ත්‍රි­ක්ක­යට වූ බල­පෑම අඩුයි. කිලි­නො­ච්චි­යට යම් බල­පෑ­මක් ඇති­වුණා. වවු­නි­යාව දිස්ත්‍රි­ක්කයේ යම්කිසි බල­පෑ­මක් වුණා. වැඩිම බල­පෑ­ම්ව­ලට ලක්ව තිබෙන්නේ මන්නා­රම සහ මුල­තිව් වෙනවා. මන්නා­රම දිස්ත්‍රි­ක්කයේ ග්‍රාම­සේවා වසම් රැසක් ජල­යෙන් යටවී තිබෙ­නවා. ජන­තාව දුෂ්ක­ර­තා­වෙන් බේරා ගන්න කට­යුතු කර­මින් ඉන්නවා.

නයි­න­ති­වු­වල බෝට්ටු ගම­නා­ග­ම­න­යට යම් යම් බාධා ආවා. අපි ඒ සඳහා උප­දෙස් ලබාදී තිබෙ­නවා. මන්නා­රම කුඹුරු අක්කර 35000ක් පමණ හානි­යට පත්ව තිබෙ­නවා. අපි ඉක්ම­නින් වන්දි දෙන්න පිය­වර ගන්නවා. උතුරු පළාතේ දිසා­ප­ති­ව­රුන්ට අපි උප­රිම සහාය ලබා­දෙ­නවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *