දිසාපති පුටුවේ වාඩිවෙන්නේ ඇමති පුටුවත් එපා කී ලාල්කාන්ත… මාලිමා මන්ත්‍රී වාඩි වුණේ ඇමති නැති වෙලාවට….!

December 4, 2025 at 7:47 pm | by emanisa.lk

මහනුවර මහා දිසාපති කාර්යාලයේ දිසාපතිවරයා පැත්තකට කර දිසාපති පුටුවේ මේ දිනවල අසුන් ගන්නේ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත බවත් ආණ්ඩුවේ වෙනත් මන්ත්‍රීවරයෙකු එහි අසුන්ගෙන ඇත්තේ ඇමති නැති අවස්ථාවක බවත් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

“අර මහා පුටු ප්‍රශ්නය හෝදන අය මේක උස්සන් දුවනව මන්ත්‍රී ඉන්නෙ 14 වෙනි ස්ථානයෙලු, දිසාපති 27 වෙනි ස්ථානයෙලු, ඒ නිසා නිකන්ම නිකන් නුවර මන්ත්‍රී දිසාපතිගෙ පුටුවෙ වාඩි වෙච්ච එක හරි කියල. මම ඕකට උත්තරයක් දුන්න රෑ අදාල කොටස දාල. දැන් මේ සම්පූර්ණ ලියවිල්ලම දාන්නෙ මොළේ චූට්ටක් හරි තියෙන කෙනෙකුට ඒක තේරුම් ගන්න. මේක හලෝ රාජ්‍ය උත්සව අවස්ථාවල වගේ ඒවගෙදි ආසන පනවන පිළිවෙල මිසක් රාජකාරි ස්ථාන වලට අදාල දෙයක් නෙමෙයි.

ඒ අයගෙ තර්කය පිළිගමුකො මොහොතකට, ඒහෙම නම්;
???? පිටරට තානාපති කෙනෙක් ආවොත්, එහෙමත් නැත්තං 27 වෙනි ස්ථානයට උඩින් ඉන්න ඕන කෙනෙක් ආවොත් දිසාපතිගෙ පුටුව දෙන්න ඕන.
???? අනික 14 වෙනි ස්ථානයේ තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියල මිසක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කියල නෙමෙයි. එහෙම නම් මන්ත්‍රීවරු දිසාපති හමුවෙන්න ගියාම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් දිසාපතිගෙ පුටුවෙ වාඩිවෙලා මුලසුන ගන්නෙ කොහොමද? සභාවේ යෝජනා ස්ථීරත්වයකින්ද? පුහ්.
දිග විස්තරයක් මම යට පෝස්ට් එකක දාල තියෙනව මේ හුට පටය ගැන. ඒකත් කියවගන්න කැමති අය.

අර දිසාපතිගෙ කාමරේම ෆොටේ එක දැම්ම කියල ‘පුටු ප්‍රශ්නෙ’ ඉවරවෙන්නෙ නැහැ. ඔය කෛන්ෆරන්ස් මේසෙ පුටුවත් දිසාපතිගෙම තමා. අනික විපක්ෂෙ මන්ත්‍රිල ගියෙ දිසාපති හමුවෙන්න මිසක් ආණ්ඩු පක්ෂයෙ මන්ත්‍රීකෙනෙක් හමුවෙන්න නෙමෙයි. අනික මේ මන්ත්‍රී කවුද? තනතුර මොකක්ද? ව්‍යසන කළමණාකරන කමිටුවකවත් ලොක්කෙක්ද? නැහැ. මෙතන තියෙන්නෙ අමු හීනමානය. ජාතික ජනබලවේගය කිව්වෙ ගරු, අතිගරු, තුමාල, තුමීල නැහැ, මහජනයා හා සමානයි හැමෝම කියල.

ලාල්කාන්ත පළවෙනියට ඔෆිස් එකට ගිය දවස මතක් කරගන්න. ඇමති පුටුව අයින් කරල සාමන්‍ය පුටුවක් ඉල්ලගෙන ශෝ එකක් දාල ටෝකකුත් දුන්න නේද හැමෝම සමානයි කියල පෙන්නන්න. ඒ ලාල්කාන්තත් මේ දවස්වල දිසාපතිව සයිඩ් එකට දාල ඔය පුටුවෙම වාඩිවෙනව. ලාල් නැති වෙලාවෙ ඔය මන්ත්‍රී වාඩිවෙලා. සුමන්තිරන් එහෙමත් මුලින් හිතල තියෙන්නෙ ඒ තමා දිසාපති කියල! ඔය සාකච්ඡාවෙ අනිත් ඕන මන්ත්‍රී කෙනෙක්ගෙන් අහන්න ඔය මීටිම මොකක්ද කියල!”
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *