මං පොර වෙන්න ගිහින් වැනසෙන්න එපා, අනුර… වැඩේ ගොඩදාන විදිහ යාළු රනිල්ගෙන් අහන්න…! – හරීන් ප්‍රනාන්දු….

December 4, 2025 at 2:12 pm | by emanisa.lk

ආපදා කළමනාකරණයේ දී උඩඟු ලෙස කටයුතු කළහොත් සමාජ මාධ්‍ය දෙස බලාගෙන වැඩකළහොත් එය විශාල විනාශයක ආරම්භය බවට ආණ්ඩුවට අනතුරු අඟවන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

මේ ආපදාවෙන් රට ගොඩගැනීමට ආත්මාර්ථකාමී නොවී අත්දැකීම් සහිත පළපුරුදු නායකයන් එකතු කරගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කරයි.

මෙවැනි ආපදා කළමනාකරණයෙහි වැඩිම අත්දැකීම් ඇති නායකයා රනිල් වික්‍රමසිංහ බවත් ජනාධිපතිවරයාට ඔහු අමතා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන විමසිය හැකි බව ද හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

හිටපු ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ඔවුන් දෙදෙනා ඉතාම සමීපතම මිතුරන් ලෙස කටයුතු කළ අය හෙයින් එලෙස සාකච්ඡා කිරීමට බාධාවක් නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *