2004 සුනාමිය අවස්ථාවේ සහ 2016 ගං වතුර අවස්ථාවේ එවක රාජ්‍ය නායකයන්ට තමන් චෝදනා නොකළ බවත් මෙවර කුණාටුව පැමිණි අවස්ථාවේ ආණ්ඩුවට චෝදනා කිරීම අසාධාරණ බවත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.
“2004 සුනාමිය ආව කියලා අපි මහින්ද රාජපක්ෂට චෝදනා කළේ නෑ. 2016 ගං වතුර ආව කියලා රනිල් වික්‍රමසිංහට චෝදනා කළේ නෑ. මේක කලාපයට ම බලපාල තියෙනවා, ඉන්දුනීසියාවේ පිලිපීනයේ සිය ගණන් මැරෙනවා.
රටේ ජනතාව අතර අනවශ්‍ය වෛරයක් හදන්න හැදුවා. බේරගන්න තියෙද්දි බේරගත්තේ නෑ වගේ. මේක නරක දෙයක්. බොරුවක්. මේවාට අවිධිමත් සංවර්ධනය වගේ ගොඩක් හේතු තියෙනවා. අපි මෙවාට වැඩ කරගෙන යනවා.
එතකොට අර වැවේ සොරොව්ව ඇරියේ නෑ, නෑ වැවේ දොර ඇරියේ නෑ කියලා කියන්න එපා. විද්‍යාත්ක පිරිසක් එක්ක වැඩ කරන්නේ. අර වැවේ සොරොව්ව ඇරියාම ඊළඟ වැවට වෙන්නේ මොකක්ද කියලා බලන්න ඕන. මේවා යොදා ගෙන දේශපාලනය කරන්න එපා. ගෙදර දොරවල් අරිනවා වගේ සොරොව් අරින්න බෑ.”
ඊයේ (03) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.