නව විෂය නිර්දේශය අනුව පාසල් දරුවන්ට ඉතිහාසය, සිංහල සහ දෙමළ ඉතිහාසය ලෙස නොව ශ්‍රී ලාංකික ඉතිහාසය ලෙස උගන්වන බව අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
ඒ අනුව ඉතිහාසයේ දෙමළ රජවරුන් පිළිබඳ උගන්වන අතර 10 ශ්‍රේණියේ විෂය නිර්දේශයට වන්නිවරුන්, යාපනය රාජධානිය සහ සංකිළි රාජ සමය පිළිබඳ ඉගැන්වෙන බවත්
හය ශ්‍රේණියේ ඉතිහාසය පොතට සංකිළි රාජ මාළිගයේ පින්තූරයක් එකතු කළ බවත් අගමැතිනිය ප්‍රකාශ කරයි.
ජාතික කෞතුකාගාරයේ ද දෙමළ ඉතිහාසය ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි වෙන්කර ඇති බවත් ඒ පිළිබඳ ග්රන්ථ මුද්‍රණය කොට අලෙවියට තබා ඇති බවත් හරිනි අමරසූරිය සඳහන් කරයි.
අද (03) පාර්ලිමේන්තුව අමතමින් අගමැතිනිය මේ බව කීවාය.