විපක්ෂෙට මහනුවර කරන්න දෙයක් නෑ… එයාලට කිසිම අවබෝධයකුත් නෑ…. නුවර ගැන මගෙන් අහගන්න…! – ඇමති කේ.ඩී. ලාල්කාන්ත…

December 3, 2025 at 1:58 pm | by emanisa.lk

ඊයේ (02) මහනුවරට පැමිණි විපක්ෂ කණ්ඩායමට මහනුවර තත්ත්වය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බවත් ඔවුන් පැමිණියේ දේශපාලනය කිරීමට බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔවුන්ට මහනුවර සිදුවන දේ හෝ විද්‍යාත්මක පදනම හෝ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙතෙක් ආපදා සහන කටයුතු කළේ ආණ්ඩුව නොවේ නම් කවුදැයි ප්‍රශ්න කළ ඇමතිවරයා, විපක්ෂය කුමක් කළේ දැයි විමසා සිටියේය.

ඇමති ලාල්කාන්ත අවධාරණය කළේ, විපක්ෂයට කිරීමට දෙයක් නොමැති අතර ආණ්ඩුව සියල්ල මැනවින් සිදුකරන බවත් විපක්ෂයට යමක් දැනගැනීමට ඇත්නම් තමාගෙන් අසන ලෙසත්ය.

මහනුවරදී මාධ්‍ය අමතමින් ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *