ජනාධිපති ඇතුළු දේශපාලන අධිකාරියේ තෝරාගත් පිරිසකට අන්තර්ජාලය ඔස්සේ පදනම් විරහිත මඩ ප්‍රහාර එල්ල කරමින් ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
විදෙස්ගත සිට දියත් කර ඇති මෙම ප්‍රහාරය දිනක් දෙකක් ඇතුළත සාමාන්‍යකරණය වී ආණ්ඩුවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් දක්වා පැතිරීමේ අවදානමක් ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
පසුගියදා ජනාධිපතිවරයා පැනවූ හදිසි නීති රෙගුලාසි යටතේ කිසිවෙකුට අසත්‍ය සහ විකෘති තොරතුරු ප්‍රචාරය කරමින් මෙම ආපදා තත්ත්වය කළමනාකරණයට බාධා කළ නොහැකි බවට ද එය අවුරුදු පහකට නොවැඩි නැතහොත් ඇතැම් වැරදි සඳහා අවුරුදු දහය දක්වා සිරදඬුවම් ලැබීමට හේතුවන වරදක් බවට ද ඇමති වටගල අනතුරු අඟවයි.
මේ පිළිබඳ දැනටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි විස්සක් ලැබී ඇති අතර මෙම ගැසට්ටුව යටතේ අත්අඩංගුවට ගන්නේ සැකකරුවෙකු නොව චූදිතයෙකු බවත් ඉදිරි විමර්ශන කටයුතු සිදුවන්නේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරව බවත් පුරවැසියන්ට දැනුම් දෙන බව ඇමති සුනිල් වටගල ප්‍රකාශ කරයි.
ඇමති වටගල පොලිස් සහ හමුදා නිලධාරීන් පිරිසක් සමග පැවැති හමුවක දී ඔවුන්ට උපදෙස් දෙමින් සඳහන් කළේ පොලිසිය අදාළ පුද්ගලයන්ට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.