ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් ලෙස රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම පක්ෂයේ සම්පත්ද භාවිත කරමින් සහන සේවා කටයුතු සිදු කරන බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
ආපදා තත්ත්වය හමුවේ සිය පක්ෂ අරමුදලින් කිසිදු මුදලක් සුබසාධන කටයුතුවලවට භාවිත නොකරන බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.
තම පක්ෂයේ සාමාජිකයන් හුදෙක් පක්ෂ අරමුදල් පමණක් නොව, තම පෞද්ගලික මුදල් පවා වියදම් කරමින් මෙම කැප කිරීම් සිදු කරන බව ඔහු අවධාරණය කළේය. මෙම සහන සේවා කටයුතුවලදී පක්ෂ සාමාජිකයන් දැවැන්ත කැපවීමක් සිදු කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
මෙම විපත්දායක අවස්ථාවේදී පක්ෂයේ සම්පත් භාවිත කරන බවත්, ආණ්ඩුවේ සම්පත්වලට අමතරව පක්ෂයේ මුදල් පාවිච්චි කරමින්, විපතට පත්වූ ප්‍රදේශවලට කෑම බීම ලබා දීමට සහ විවිධ සහන සේවා සංවිධානය කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙම කැප කිරීම් සහ මුදල් වියදම් කිරීම එදත් කළ බවත්, අදත් අඛණ්ඩව සිදු කරන බවත් තවදුරටත් අමාත්‍යවරයා අවධාරණය කළේය.