අපි ඩ්‍රෝන තාක්ෂණයෙන් අවතැන්වූවන් හොයනවා…! – නි. ඇමති සුනිල් වටගල….

December 1, 2025 at 6:21 pm | by emanisa.lk

කොළොන්නාව ආසනයේ මේ වන විට එක්ලක්ෂ හැත්තෑපන් දහසක් පමණ අවතැන්ව ඇති බවත් ඇතැම් ස්ථානවලට තවමත් ළඟාවීම අපහසු බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

එලෙස ළඟා විය නොහැකි ස්ථානවල ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන අවතැන් වූවන් සෙවීමේ කටයුතු සිදුවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

වතුර බැස යෑමත් සමග ඇති විය හැකි සොර සතුරු උපද්‍රව වළක්වා ගැනීම සඳහා ගත යුතු පූර්ව ක්‍රීයාමාර්ග පිළිබඳ ආරක්ෂක අංශ සමග සාකච්ඡා කළ බවත් නි. ඇමතිවරයා සඳහන් කරයි.

එසේම මේ අවස්ථාවේ අසත්‍ය තොරතුරු පතුරුවා හරින අයට විරුද්ධව දැඩි පියවර ගැනීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කරයි.

නි. ඇමති සුනිල් වටගල අද (01) කොළොන්නාව ප්‍රදේශයේ ගං වතුර නිරීක්ෂණ කටයුතු සඳහා එකතු වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *