අධික වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟ වූ අවස්ථාවේ සිට ජලාශවලින් ක්‍රමානුකූලව ජලය ඉවත් කළේ නම් මෙතරම් ජීවිත සහ දේපළ විනාශයක් සිදුනොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් 12 වෙනිදා වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම අනතුර පිළිබඳ පූර්ව අනතුරු අඟවීම් සිදුකර තිබූ බවයි.
“එකවර ගේට්ටු ටික ඇරියම මොකද වෙන්නේ? අන්තිම මොහොත වෙනකල් වතුරු ටික යැව්වේ නෑ. එක පාරට ගේට්ටු ඇරියා. ගම්පොළ නගරයේ දාහක් විතර මැරිලා ඇති. වතුර ටිකින් ටික ඇරියා නම් 75%ක් විතර ජීවිත බේරගන්න තිබුණා.
දැදුරු ඔය වාන් ගේට්ටු ඔක්කොම එක පාර ඇරියා. අපරාදේ ජීවිත. ආණ්ඩුව මේක හරියට කළමනාකරණය කළේ නෑ. වරද්ද ගත්තා නම් දැන්වත් ඒක හරියට කරමු. අපේත් අත්දැකීම් තියෙනවා. අපට මේ ගැන කතා කරන්න තිබුණා. රජය නිසි වෙලාවට පියවර ගත්තේ නෑ. ලැජ්ජා වෙන්න එපා. වැරදුණා නම් අපි ඒක හදා ගමු.”
අද (01) උදෑසන පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.