ජීවිත අහිමි වු සැමට ඕනෑම කොන්දේසියක් යටතේ හැකි නම් යළි පණ දෙනවා..! – ජනපති…

November 30, 2025 at 10:40 pm | by emanisa.lk

අප රට මුහුණ පෑ ඉතිහාසයේ දරුණුතම ආපදාවෙන් ජීවිත අහිමි වූ සියලු දෙනාට ඕනෑම කොන්දේසියක් යටතේ ජීවිත ලබා දීමට හැකියාව ඇත්නම් ඒ සඳහා දෙවරක් කල්පනා නො කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

එහෙත් අප යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

රට නැවත ගොඩනැගීමේ කාර්ය ආරම්භ කළ යුත්තේ බිංදුවේ සිට වුවත් එම අභියෝගය තමන් භාරගන්නා බවත් පටු වාදභේද අමතක කර සියලු දෙනාට අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ජනාධිපති අනුර දිසානායක අවධාරණය කරයි.

අද (30) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *