රජයේ ආපදා කළමනාකරණ වැඩසටහනට පොහොට්ටුවේ උපරිම සහයෝගය…!

November 29, 2025 at 10:55 am | by emanisa.lk

අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාවට සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සියලුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියි.‍

“ආපදා කළමනාකරණය සහ සහන සේවා සදහා වන රාජ්‍ය වැඩපිළිවෙළට උපරිම ලෙස සහාය වෙන්න කියල ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සියලු මට්ටමේ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ හා සමාන අවස්ථාවලදී අපේ සහන සේවා සහ ප්‍රජා සත්කාර මෙහෙයවීම සම්බන්ධතා අපේ කණ්ඩායම සතු අත්දැකීම් රජයටත් වැදගත් වෙයි.

මම ආණ්ඩුවෙන් ඉල්ලනවා අනවශ්‍ය රෙගුලාසිවල හිර වෙලා මිනිස්සුන්ව අසරණ කරන්නෙ නැතුව බිමේ යථාර්ථය තේරුම් අරගෙන සහන සේවා කඩිනම් කරන්න කියල. මේ වෙලාවෙ මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුව කළ යුත්තේ ප්‍රායෝගිකවීම මිස න්‍යායන්වල හිරවෙන එක නෙවෙයි.

තමන්ගේත් අන් අයගේත් ආරක්ෂාව ගැන කල්පනාකාරි වන ලෙසත් කුඩා දරුවන් වයෝවෘද්ධ ජ්‍යේෂ්ඨ පුරවැසියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන් සහ රොගින් සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුයි.

ග්‍රාමීය ක්ෂේත්‍ර නිළධාරීන් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය ආයතනවල සියලු නිළධාරීන්ව අපි ස්තුති පූර්වකව දිරිමත් කරනවා, මේ දුෂ්කර මොහොත කළමනාකරණය කිරීම වෙනුවෙන්.

විපතට පත්ව සිටින සියලු දෙනා සමග එකතුව ඔබේ වේදනාව බෙදාගන්නට අපි ඔබ සමග ඉන්නවා.”

නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *