අපේ සැලසුම නිසා නිල්වලා ගඟ පිටාර ගැලුවේ නෑ… උපදෙස් දුන්නේ ඇමති හඳුන්නෙත්ති…! – මාලිමා මන්ත්‍රී…

November 29, 2025 at 9:50 am | by emanisa.lk

පසුගිය ජනවාරි මාසයේ සිටම නිල්වල ගඟ ආශ්‍රිත පිරිසිදු කිරීම් සහ පුළුල් කිරීමේ කටයුතු සිදුකරන ලද නිසා දරුණු අවස්ථාවකට මුහුණ දීමට මාතර ජනතාවට සිදු නොවූ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් පවසයි.

මෙවන් කටයුතු සඳහා තමන්ට හොඳ අත්දැකීම් ඇති බවත් දරුණු අවස්ථාවක වුණත් මුහුණ දීමේ සැලසුමක් සංවිධානාත්මක වැඩ කිරීමේ හැකියාවක් තම කණ්ඩායමට ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මෑත කාලයේදී ද මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව දැඩි වර්ෂාපතනයන් ඇද හැලුණත් ඒවා කිසිවකින් පිටාර ගැලීමක් සිදු නොවූයේ තමන් ජනවාරි මාසයේ සිටම කරන ලද පෙර සූදානම් කටයුතු නිසා යයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ උපදෙස් මත රාජ්‍ය නිලධාරින් ආරක්ෂක හමුදා, ආපදා කළමනාකරණ අංශ එක්ව මෙම කටයුත්තේ නිරත වූ බවත් ලාල් ප්‍රේමනාත් තව දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *