මිනිසුන් කෝටි ගාණක් එතෙර කළ බෙන්තර පාලම අවසන් ගමනේ…!

November 27, 2025 at 10:18 am | by emanisa.lk

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බෙන්තර පැරණි පාලමේ දකුණු කොටස ඊයේ (26) රාත්‍රියේ කඩා වැටී තිබේ.

1902 දී පමණ ඉදිකර ඇති මෙම පාලම ගාලු පාරේ බස්නාහිර පළාත හා දකුණු පළාත යා කරන මෙම පාළම වසර 125කට අධික කාලයක් කෝටි සංඛ්‍යාත ජනතාවක් එතෙර මෙතෙර කළේය.

දැනට වසර කිහිපයකට පෙර පාලම අබලන් වී තිබූ බැවින් නව පාලමක් ඉදිකර පැරණි පාලම වසා දැමීමට එවක රජය කටයුතු කර තිබිණි.

මෙම පැරණි පාලම බොහෝ සංචාරකයන් හා ඡායාරූප ශිල්පින් පසුගිය කාලයේ ඡායාරූපගත කිරීම් සඳහා භාවිත කරන්න වූ ස්ථානයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *