කන්ටේනර් පන්නන්න ඇමතිගෙන් ඇමතුමක්… හඬ පටය සමාජ මාධ්‍ය කළඹයි…!

November 26, 2025 at 9:44 am | by emanisa.lk

නීති විරෝධී ලෙස වරායේ තිබූ භාණ්ඩ තොගයක් නිදහස් කිරීමකට අමාත්‍යවරයකු මැදිහත් වෙමින් දුරකථන ඇමතුම් ලබාදෙන හඬ පටයක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත.

හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ විසින් මෙම හඬ පටය තම youtube නාලිකාවේද විකාශය කර තබේ.

බලපත‍්‍ර නැතිව ගෙන්වන ලද මෙම භාණ්ඩ රේගු ගාස්තු පවා නොගෙවා මුදා හැරීමට දැනුම් දෙන ආකාරය අදාල හඬ පටයෙන් තහවුරු වෙයි.

එම හඬ පටය අමාත්‍යවරයකුගේ නම් ඔහු ඉවත් කරන්නට ජනාධිපතිවරයා එකඟ වන්නේ නම් එය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට සූදානම් බව ද හෙතෙම තව දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *