ජාතික ජනබලවේගය ආණ්ඩුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ක්ලීන් ශ්‍රීලංකා ව්‍යාපෘතිය ආරම්භ කර ටික දිනකින් දුර්වල වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
කෙසේ වුව ද මේ වන විට යළිත් එම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ද ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.
මෙහිදි ටිල්වින් සිල්වා වැඩි දුරටත් පැවසුවේ, අර්බුයෙන් රට දෙවසරක් තුළ ගොඩනැඟීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ බව පැවසුණත්, ඔහු සිදුකළේ අර්බුදයේ බර ජනතාව මත පැටවීම බවයි.
වත්මන් ආණ්ඩුව ආර්ථිකය ගොඩනැඟීම ජනතාවට බරක් නොදී සිදුකරන බව ද තම පාලනය යටතේ රාජ්‍ය ආයතන විකුණුවේ නැති බව ද ඔහු සඳහන් කරයි.
ඔහු මේ අදහස් දක්වා සිටියේ එක්සත් රාජධිනියේ පැවති ඉල්මහ විරු සමරු උළෙලක ප්‍රධාන දේශනය සිදුකරමිනි.