පසුගිය පළාත් පාලන මැතිවරණයට පසු සිය පක්ෂයට ඇතැම් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගෙන බලය ලබා ගැනීමට සිදු වූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කෙසේ වුව ද පක්ෂ මහ ලේකම්වරුන්ගේ තර්ජන නිසා එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහය නොදීම නිසා එම පළාත් පාලන ආයතන අයවැය පරාජයට පත්වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
එදා හෘද සාක්ෂියට එකඟව තමන් සමග එකතු වූ එම පිරිසට අද සිය හෘද සාක්ෂියට එරෙහිව වැඩ කිරීමට සිදුව ඇති බව ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
මෙය විශාල ගැටලුවක් නොවන බවත් ගමේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා ගමේ ජනතාවගේ ඡන්දයෙන් පත් එම මන්ත්‍රීවරුන්ට සිදුවන බවත් ඔහු අවධාරණය කරයි.