මාලිමා ආණ්ඩුවේ ජාවාරම්කාරයෝ ඉන්න පුළුවන්… ආණ්ඩු කරන්නේ ජවිපෙ විතරක් නෙමෙයි…! – ඇමති ලාල් කාන්ත…

November 23, 2025 at 7:16 pm | by emanisa.lk

රාජ්‍ය බලය ලබා ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.

පුළුල් ජාතික ජාතික බලවේගයක් අද බලය දරන නිසා මෙම ආණ්ඩුව තුළ ද ජාවාරම්කරුවන් සිටිය හැකි නමුත් පෙර ආණ්ඩුවල මෙන් ඔහු බේරා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

පෙර ආණ්ඩු කාලවල වූයේ ආණ්ඩු හිතවාදියෙකු අත්අඩංගුවට ගත් විට ඔවුන් බදා ගැනීම බව ද වත්මන් ආණ්ඩුව යටතේ එය සිදු නොවන බව ද ඔහු සඳහන් කරයි.

වාරිමහිම වැඩසටහනක ආරම්භක උත්සව අවස්ථාව අමතමින් හෙතෙම මේ අදහස් පළ කළේය.

ජාතික ජනබල වේගය බලයට නොපැමිණියේ නම් එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ සහ මැති ඇමතිවරුන් කිසි දිනක සිර දඬුවම්වලට ලක් නොවණු ඇති බව ද ඇමති ලාල්කාන්ත තව දුරටත් එහිදී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *