වර්තමාන ආණ්ඩුව රට ගොඩනැඟීමට සැලසුම් කරන්නේ අන්දරේගේ තියරි අනුව බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී රෝහණ බණ්ඩාර පවසයි.
මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ එක බඩුට එක කඩයක් සංකල්පය හඳුන්වා දුන් ඇමති සුනිල් හඳුන්නෙත්ති පාතාළය එකවර අවසන් කළහොත් පොලිසියට රස්සා නැති වන බව ද මේ වන විට හඳුනා ගෙන ඇති බවයි.
තිරිකුණාමල විහාරස්ථානයක බුදු පිළිමයකට තර්ජනයක් ඇතැයි දැනගත් පොලිසිය රාත්රීයේ පිළිමය පොලිසියට ගෙන ගොස් උදෑසන නැවත පන්සලට ගෙනැවිත් තැන්පත් කර ඇතැයි ද රෝහණ බණ්ඩාර ප්රකාශ කරයි.
අන්දරේ ද රජතුමාගේ පොල් පැල වගාව ආරක්ෂා කිරීමට ද රාත්රියට පැළ ටික ගලවා ගෙදර ගෙන ගොස් උදෑසන නැවත සිට වූ බව ද වර්තමාන ආණ්ඩුව කරවන්නේ අන්දරේලා කෙනෙක් ද අන්දරේලා පිරිසක් ද යන ප්රශ්නය ඇතැයි ද ඔහු සඳහන් කරයි.
පාර්ලිමේන්තුව අමතමින් රෝහණ බණ්ඩාර මේ බව කීය.