අනුරට වෙන්නෙත් මෛත්‍රීපාලට වුණ දේ තමයි…!

November 22, 2025 at 11:08 am | by emanisa.lk

ජන මතය යනු ගොඩනැඟිය හැකි දෙයක් මිස ස්ථාවර දෙයක් නොවන බව මාධ්‍යවේදී කේ. සංජීව පවසයි.

“ජනතාව එකතුවෙලා බේරේ වැවට වීසිකරපු එවුන් මෙහෙම උඩට ආවේ කොහොමද කියලා පොඩ්ඩක් හිතුවොත් ආණ්ඩුවට ගුණයි..! හැබැයි ඉතිං උද්දච්චකම නිසා සෙනඟ නෑ සෙනඟ නෑ ඩ්‍රෝන් ඉස්සුවේ නෑ වගේ කතා කියකියා සැපයක් ගන්නත් පුළුවන්.

ජන මතය කියන්නේ හදන්න පුළුවන් එකක් මිසක් ඒක කොන්ක්‍රීට් දෙයක් නෙවෙයි. අද වේදිකාවේ බොහෝ කතාවලින් ප්‍රශ්න කළේ ආණ්ඩුවේ සුජාතභාවය. කැබ් ගන්නේ නෑ කියලා ඇවිත් ඇයි කැබ් ගන්නේ වගේ කතා තමයි ගොඩක් ඇහුණේ. මේවා සරලයි කිව්වට සරලම නෑ.

මේවා තමයි සාමාන්‍ය පන්තියේ මිනිස්සුන්ගේ බොක්කට වදින්නේ. මරුටි ගන්න බලාගෙන හිටිය මිනිස්සුන්ගේ බොක්කට වදින්නේ. ජනමතය නැවත වටයකින් අලුතින් නිශ්පාදනය වෙන්නේ මේ වගේ අදහස් නිසා. ආණ්ඩුවේ ඉන්න වැඩබැරි ටාසන්ලා ගැන පියවරක් ගත්තේ නැත්තං අනුර කුමාරටත් වෙන්නේ මෛත්‍රීපාලට වුණ එකේ අනික තමයි.”
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *