තිරිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට පොලිසියට නියෝග කළේ කවුරුන්ද යන්න රජය හෙළිදරව් කළ යුතු බව අමරපුර නිකායේ ලේකම් පූජ්‍ය බලපිටියේ සිරි සීවලි හිමි අවධාරණය කරයි.
“අපි වීඩියෝව දැක්කා. එහි දැක්වෙන්නේ අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැමිණ පසුදා පිළිමය ඉවත් කරන බව පවසන ආකාරයයි.
පොලිස් නිලධාරියකුට එවැනි තීරණයක් ගත හැක්කේ කෙසේදැයි අපි ප්‍රශ්න කරනවා. ඔවුන්ට මහේස්ත්රාත්වරුන්ගේ බලතල නැහැ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට මෙම නියෝගය ලබා දුන්නේ කවුදැයි අපි දැනගත යුතුයි.
එය බුද්ධාගමට අදාළ ව්‍යවස්ථාමය විධිවිධාන උල්ලංඝනය කිරීමක්. රජය මේ පිළිබඳ සොයා බලන්නේ නැතිනම්, අපි නීතිමය පියවර ගන්නවා.”