මාලිමා සභා අයවැය පරදින රැල්ල දිගටම… ජනපති එද්දි තංගල්ල අයවැයත් පරදී…!

November 20, 2025 at 2:59 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය විසින් පාලන බලය දරන තංගල්ල නගර සභාවේ අයවැය යෝජනාවලිය පරාජයට පත්ව තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 09ක් හා විපක්ෂව ඡන්ද 10ක් ලැබී ඇත. 2026 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මෙසේ විපක්ෂයේ වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව ඇත.

ජනාධිපති අනුර දිසානායක මහතා සහභාගී වන රටම එකට ජනරැලිය තංගල්ලේ පැවැත්වෙන පසුබිමක මෙම පරාජය සිදුවීම විශේෂත්වයකි.

මේ වන විට මාලිමාව බලය හොබවන ප්‍රාදේශීය සහ නගර සභාවල අයවැය පරාජය පත්වීමේ රැල්ලක් දැකගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *