රජයට කැබ් රථ දෙදහසක් මිලට ගන්නේ දැනට පවතින වාහන සංචිතය බොහෝ කාලයක් පැරණි නිසා බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ තම අමාත්‍යාංශයේ ඇති ඇතැම් වාහන වසර අවුරුදු හතළිහක් පමණ පරණ ඒවා බවයි.
මහනුවර වසර හතළිහක් පැරණි වාහන ඇති බවත් ගාල්ලේ තිහක් කළුතර විසිපහක් ගම්පහ විසිපහක් ආදී වශයෙන් පැරණි වාහන පවතින බව ද නි. ඇමතිවරයා පෙන්වා දෙයි.
තම අමාත්‍යංශයේ ඉංජිනරු කාර්යාලයේ පවතින සියලුම වාහනය අවුරුදු විසිපහට වඩා පැරණි ඒවා බව ද ඔහු සඳහන් කළේය.
එම නිසා වාහන දෙදහසක් මිලට ගැනීමට රජය තීරණය කර ඇති බවත් ඒවායින් 1775ක්ම රජයේ නිලධාරීන්ට දුරටත් ඔහු තව දුරටත් කියා සිටියේය.