තිරිකුණාමලය බෝධි රාජ විහාරයේ ඇති වූ ආරවුල දුරදිග යෑමට ඉඩ නොදී සන්සුන් ලෙස විසඳීමට කටයුතු කළ බව තිරිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. එස්. චන්ද්‍රපාල පවසයි.
“මම කළේ රාජකාරිය. මොනවා වුණත් මෙම ආරාවුල දුරදිග යෑමට පොලිසිය ඉඩ තැබුවේ නෑ. බුදු පිළිමය ප්‍රශ්නය සන්සුන් විදිහට විසඳලා නැවත එම ස්ථානයට වැඩම කරවූවා.
සමහරු ප්‍රශ්න කරනවා රාජකාරිය වශයෙන් කළ, මෙම දැනුම්දීම සඳහා සිවිල් ඇඳුමෙන් ගියේ ඇයි කියා. ඔබ කවුද කියා හිමිනමක් මගෙන් ඇහුවා. ඒ සමහර විට උන්වහන්සේ මා හඳුනා ගෙන නොසිටි නිසා විය හැකියි.
පන්සලට යෑමට පෙර මම සිවිල් ඇඳුමෙන් සැරසී සිටියේ උත්සවයට යෑමටයි. ඉහළින් ලැබුණු පණිවුඩයකට අනුව ඒ මොහොතේම මට මේ විහාරයට යන්න සිද්ධ වුණා. සිද්ධියෙන් පසු මෙම විහාරයට දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා.”
Divaina