ඊයේ (16) රාත්‍රියේ තිරිකුණාමල ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ එහි ආරක්ෂාව සඳහා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පවසයි.
කිසියම් පිරිසක් මෙම බුදු පිළිමයට හානි කිරීමට සූදානම් වන බවට පොලිසියට ලැබුණු තොරතුරු මත එම ප්‍රතිමාව ඉවත් කිරීමට කටයුතු කොට ඇති බවයි, අද (17) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශ කරමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ.
අද එම ස්ථානයට අවශ්‍ය ආරක්ෂාව ලබා දී බුද්ධ ප්‍රතිමාව නැවත තැන්පත් කිරීමට කටයුතු කරන බව ද ඇමති ආනන්ද විජේපාල සඳහන් කරයි.
කෙසේ වුව ද ඊයේ රාත්‍රියේ ඇති වූ සිදුවීම අතරතුර තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ නමක් රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වෙයි.