මට දුඹුරු සීනි පියා යැයි ඇමතීම සතුටක්…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති….

November 14, 2025 at 6:22 am | by emanisa.lk

නුගේගොඩ පිහිටි අලෙවිසැල නිර්මාණය කළේ, සියළුම උක් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එම අලෙවිසැල සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් ලබා දුන් බවත්, එම ප්‍රචාරය කොතෙක් දුරට ගොස් ඇත්ද කියනවා නම්, තමාට දැන් ආමන්ත්‍රණය කරන්නේ ‘දුඹුරු සීනි පියා’ ලෙසට බවයි අද (13) අයවැය විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

තමන්ට ‘සුදු සීනි පියා’ යැයි පවසනවාට වඩා, ‘දුඹුරු සීනි පියා’ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *