වර්තමාන ආණ්ඩුව එදා ලැබු ජනවරම මහ පොළොවේ සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වීරසුමන වීරසිංහ පවසයි.
එදා පළාත් පාලන මැතිවරණයට පෙර ආණ්ඩුවේ ඡන්ද පදනම ලක්ෂ 20කින් අඩු වන බව තමන් සඳහන් කළ බවත් එහි දී ආණ්ඩුවේ ඡන්ද පදනම ලක්ෂ 23කින් බිඳ වැටුණු බවත් ඔහු පෙන්වා දෙයි.
මේ වන විට ආණ්ඩුව දිගින් දිගටම සමුපකාර ඡන්ද පවා පරාජයට පත්වෙමින් පවතින බවත් පළාත් සභා මැතිවරණයේ දී ආණ්ඩුවේ ඡන්ද පදනම තවත් ලක්ෂ 25කින් අඩු වන බවත් වීරසුමන වීරසිංහ ප්රකාශ කරයි.
දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.