මාලිමාණ්ඩුව හම්බන්තොට කුඩුතොටක් කළා….! – දිලිප් වෙදාරච්චි….

November 13, 2025 at 11:49 am | by emanisa.lk

වර්තමාන රජයේ සෘජු අනුග්‍රහයෙන් හම්බන්තොට වරාය ප්‍රදේශයට කුඩු අඩංගු කන්ටේනර් යවා ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි චෝදනා කරයි.

පාර්ලිමේන්තුවේ පැවති 2026 අයවැය විවාදය අමතමින් හෙතෙම මෙම චෝදනාව එල්ල කළේය.

එහිදි දිලිප් වෙදාරච්චි චෝදනා කළේ, කන්ටේනර් 323 ක් මුදා හැරීමෙන් පසුව ඒ සමග පැමිණි තවත් කන්ටේනර් දෙකක් හම්බන්තොට ප්‍රදේශයට යවා ඇති බවයි.

ඔහුගේ සඳහන් කරන්නේ මෙම කන්ටේනර් දෙක සමාගම් තුනක් යටතේ ගෙන්වා තිබූ අතර, එහි කුඩු සහ ‘අයිස්’ (Ice) නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හයදහස (6,000) බැගින් තිබූ බවයි..

හම්බන්තොට දිස්ත්‍රික්කය කුඩුවලින් පෝෂණය කළේ වර්තමාන ආණ්ඩුව බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *