හරිනිගේ තීන්දුවට එරෙහිව මහින්දගේ ජයසිංහගේ වෘත්තීය සමිතිය සටනට…!

November 13, 2025 at 11:34 am | by emanisa.lk

පාසල් කාලය දහවල් දෙක දක්වා දීර්ඝ කිරීමේ තීන්දුවට තමන් විරුද්ද බව ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම පවසයි. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ලේකම් ධුරය දරන ලංකා ගුරු සේවා සංගමය ජවිපෙට අනුබද්ධිත වෘත්තීය සමිතියකි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඊයේ (12) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

“අපි දිගින් දිගටම ගුරු සංගමයක් විදියට හිටියේ දරුවාගේ අධ්‍යාපනය උදෑසන 07.30 සිට සවස 01.30 දක්වා කාලසීමාව තුල සිදුවිය යුතුයි කියන ස්ථාවරයේ. ඒ සම්බන්ධව අද අපි පුළුල්ව සාකච්ඡා කළා. අපි ලංකා ගුරු සේවා සංගමය විදියට අද පැවති සාකච්ඡාවේදී විශේෂයෙන් ඉදිරිපත් කළා පාසල් කාලසීමාව වැඩිකරන්න එපා කියලා.

අපි විශ්වාස කරනවා වර්තමාන ආණ්ඩුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය මේ යෝජනාව සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වයි කියලා. පැහැදිලිවම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව විද්‍යාත්මක පදනමක පිහිටලායි අපි මේ සාකච්ඡාව කරන්නෙ. ජාත්‍යන්තරවත් පිළිගැනීම මේක. ඒ නිසා අපි මේ ස්ථාවරයේ ඉන්නවා.”

ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *