තමා අත් අඩංගුවට ගත්තේ නොවැම්බර් 21 ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනරැලියේ සංවිධායකයන් බිය ගැන්වීමට බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අසාර්ථක අයවැයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක සහ රට පුරා සමුපකාර ඡන්ද පරදින අවස්ථාවක වෙනත් පුවත් නිර්මාණය කිරීම ද මෙහි අරමුණ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
ආණ්ඩුවේ විළි වසාගෙන සිටින ආයතන තුන පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හා දූෂණ කොමිසම බවට ද ඔහු චෝදනා කරයි.
අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගෙන ඇප ලබා අධිකරණයෙන් පිටත්ව යන අවස්ථාවේ හෙතෙම මේ බව කීය.