පැල්වත්ත සෙවනගල ලංකා සීනි සමාගම් වසා දමන තු පෞද්ගලීකරණය කරන තුරු බලා සිටි අයට දැන් දැකගත හැක්කේ රට පුරා සීනි අලෙවි කරන අලෙවිසැල් ජාලයක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
මෙරට සීනි අවශ්‍යතාවෙන් ලංකා සීනි සමාගම නිෂ්පාදනය කරන්නේ 10%ක් පමණක් බවත් ඉතිරි 90% රැගෙන ඒම සඳහා රු. බිලියන 190ක් පමණ වැය කරන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
මෙම අලෙවි සැල් ජාලය මගින් දුඹුරු සීනි පමණක් නොව ඒ ආශ්‍රිත නිෂ්පාදන ද අලෙවි කරන බවත් ලෙඩ රෝග අඩු සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බලකායක් ගොඩනඟා ගැනීම සඳහා සුදු සීනි වෙනුවට දුඹුරු සීනි පරිභෝජනය සඳහා නැඹුරු වීම වැදගත් බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) නුගේගොඩ දී පළමු දුඹුරු සීනි අලෙවි සැල විවෘත කිරීමේ අවස්ථාව සමග එකතු වෙමිනි.