ඩබල් කැබ් නැතිව ප්‍රශ්න විසඳන්න බෑ… ගැටලු විසඳද්දි කෙඳිරි ගාන්න එපා.. ලූනු 200ට අල 300ට කන්න ලෑස්ති වෙන්න…! – කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත…

November 11, 2025 at 6:43 pm | by emanisa.lk

කෘෂිකර්මාන්තය කඩා වැටුණු රටක අල ලූනු මිල පිළිබඳ සාකච්ඡාවක් මතු වීමෙන් නැවත ගොවිය වගා කටයුතු සඳහා සාර්ථක ලෙස පිවිස ඇති බවත් ඒ අර්ථයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සාර්ථක වී ඇති බවත් තහවුරු වන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

පාරිභෝගික ජනතාවට අල ලූනු මිල පිළිබඳ ප්‍රශ්නයක් නැති වුව ද ගොවි ජනතාවට එහ ගැටලුවක් ඇති බවයි, ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

ඊළඟ අවුරුද්දේ ලූනු කිලෝවක් සඳහා රු. 150ක ද අල කිලෝවක් සඳහා රු. 240ක ද අවම මිලක් නියම කරන අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පාරිභෝගික ජනතාව ද ලූනු කිලෝවක් රු. 200කට ද අල කිලෝවක් රු. 300කට ද කෙඳිරි නොගා මිලට ගැනීමට සූදානම් විය යුතු බව ද ඇමති ලාල්කාන්ත අවධාරණය කරයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිලධාරීන්, වාහන සහ පහසුකම් මදි යැයි කියන්නේ නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට කටයුතු කිරීමට සිදුවන බව ද එසේ නොමැතිව ගොවි ගැටලු ඇති ජනතා ගැටලු සඳහා විසඳුම් ලබා දිය නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

අද (11) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *