මත්ද්‍රව්‍ය උවදුර මේ රටින් තුරන් කිරීමට නම් පක්ෂ පාට භේදයකින් තොරව ආණ්ඩුව කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මාලිමාවේ මන්ත්‍රීවරියක් මෙන්ම එම පක්ෂයේ ගුරු සංගමයට සහ විදුහල්පති සංගමයට සම්බන්ධ ඇගේ සැමියා සහ පුතා හෙරොයින් සමග අත් අඩංගුවට ගැනීම නිසා පාසල් දරුවන් අතර කුඩු බෙදා හැරියේ ඔවුන්ම ද යන සැකය මතුවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පසුගිය සමයේ මත්ද්‍රව්‍ය හමුවන සෑම අවස්ථාවකම රාජපක්ෂලාට චෝදනා කළ ආණ්ඩුව මිද්දෙණියේ මෙන් මෙම සැකකරුවන්ට ද රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගෙන මේ ජාවාරම පසුපස සිටින දේශපාලකයන් සොයා ගත යුතුව ඇති බව ද නාමල් රාජපක්ෂ පෙන්වා දෙයි.
ජනාධිපතිතුමා ප්‍රමුඛ 159 දෙනාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී පිරිසත් කුඩු විකිණීම නවතා අයවැය යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවත් නැතහොත් නැවත 3%ට වැටීම නතර කළ නොහැකි බවත් ඔහු ප්‍රකාශ කරයි.