අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ පොලිසිය සිදුකළ විශේෂ වැටලීමක දී හෙරොයින් කිලෝ 1.2ක් සමග පිය පුතු දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
එප්පාවල ඇල්ලගල ප්‍ර දේශයේ හොටලයක සඟවා තිබිය දී මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන ඇති අතර එහි දී අත් අඩංගුවට පත් 54 හැවිරිදි පුද්ගලයා එප්පාවල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකි. අනෙක් පුද්ගලයා මෙම ජාවාරම මෙහෙය වූ 22 හැවිරිදි ඔහුගේ පුත්‍රයාය.
මෙම විදුහල්පතිවරයාගේ බිරිඳ පළාත් පාලන ආයතනයක ජාතික ජන බලවේග මන්ත්‍රීවරියක් වන අතර මෙම ජාවාරම දිගු කලක සිට සිදුකළ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.