අඬබෙර ගසා කඳානෙන් ඇල්ලුවේ ටැල්ක්… අයිස් නිෂ්පාදන අමුද්‍රව්‍ය නෙමෙයි..! – රජයේ රස පරික්ෂක…

November 4, 2025 at 4:33 pm | by emanisa.lk

කඳනේ පිහිටි නිවසකින් සහ එම නිවස ඉදිරිපිට වෙල් යායෙන් සොයාගත් සුදුපැහැති කැට සහ කුඩු මෙතැන්පිමින් හෝ අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික නිෂ්පාදනයක් නොවන බව රජයේ රස පරික්ෂකරයා තහවුරු කර තිබේ.

ඊට අදාළ වාර්තාව රස පරික්ෂකවරයා විසින් කඳාන පොලිසියට යොමු කර තිබේ.

ඒවා ටැල්ක් නම් පාෂාණ විශේෂය බව ප්‍රකාශ කරමින් කන්ටේනර් දෙකක් මගින් මෙරටට ගෙන්වා තිබුණේ ඉකුත් වසර අවසාන කාලයේය.

ඒවායේ අයිස් නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය ඇති බවට ජාත්‍යන්තර බුද්ධි සේවාවක් අනතුරු අඟවා තිබූ පසුබිමක රේගුවෙන් ඒවා නිදහස් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *