අපි ආවේ රටේ සියලු ප්‍රශ්න අවුරුද්දකින් නෙමෙයි අවුරුදු පහකින් විසඳන්න…! – නි. ඇමතිනී කෞෂල්‍යා ආරියරත්න…

November 4, 2025 at 10:06 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පැමිණියේ වසරක් තුළ රටේ ප්‍රශ්න 100%ක් විසඳීමට නොව සෙමින් නමුත් සාර්ථක ගමනක් යාමට බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍ය ආරියරත්න පවසයි.

“සමහර දේවල්වලදී අපට ගමට ගියාම හම්බවෙන කාන්තාවො කියනවා අපිට තවම එකපාරට මොකුත් ලොකූ‍ වෙනසක් වුණේ නෑනෙ, හිරේ යවනවා කියපු අය හිරේ ගියෙ නෑනෙ තාම කියලා. හැබැයි හරියට හිතලා බලන්න, නිකම් සමාජ මාධ්‍යවල කියන සමහර පුංචි අදහස්වලට අහුවෙන්න එපා.

අපි පටන් අරන් තියෙන වැඩ මොනවද, අපි කොච්චර ප්‍රමාණයක් අල්ලස් හා දූෂණ, වංචාවලට නඩු කටයුතු පටන් අරන් තියෙනවද, අපි කොච්චර ප්‍රමාණයක් අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය ඇත්තටම අල්ලලා තියෙනවද, කොයි තරම් ප්‍රමාණයක් වංචා දූෂණ සිදුවෙච්ච රාජ්‍ය ආයතන කොච්චර ප්‍රමාණයක් ඒවායෙ වියදම් අඩුකරලා අපි සුද්ද කරමින් යනවාද?

අපිට තව වැඩ ගොඩක් තියෙනවා. ඒකට එකඟයි. මොකද, අපි 100%ක් රටේ ප්‍රශ්න අවුරුද්දකින් විසඳන්න නෙවෙයි අපි ආවෙ. හෙමින් නමුත් සාර්ථක ගමනක් යන්න තමයි අපි ආවෙ. අපෙ ප්‍රතිපත්ති අපි ඕගොල්ලන්ට දීලා තියෙන්නෙ අවුරුදු 5කට. අපි ඒ ප්‍රතිපත්තිය දැන් ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියෙනවා.”

නි. ඇමතිනි කෞෂල්‍යා ආරියරත්න මේ බව පැවසුවේ හෝමාගම මීගස්මුල්ල සහ වල්පිට කාන්තා සභා පිහිටුවීමේ අවස්ථාවට පෙරේදා (02) එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *