මාලිමාණ්ඩුව 2025 ඇල්ලුවේ කුඩු කිලෝ 1248යි… සංදර්ශන නොකළාට 2019 කිලෝ 1160ක් ඇල්ලුවා..!

November 3, 2025 at 3:55 pm | by emanisa.lk

මේ වන විට අධික සැපයුම නිසා රටේ මත්ද්‍රව්‍ය මිල පහළ වැටී ඇතැයි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

මේ වසරේ සැප්තැම්බර් 30 වනදා විට වර්තමාන ආණ්ඩුව යටතේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් කිලෝ 1248ක් පමණක් බවත් 2019 වසරේ එම කාලය තුළ යහපාලන ආණ්ඩුව යටතේ ද හෙරොයින් කිලෝ 1160ක් අත් අඩංගුවට ගෙන ගත්ත ද මාලිමාණ්ඩුව මෙන් සංදර්ශන නොකළ බව ද ඔහු පෙන්වා දෙයි.

රටේ ආර්ථික ප්‍රගතියක් උදාකර දීමට නොහැකි වූ නිසාත් ගමේ වැඩක් කිරීමට නොහැකි වූ නිසාත් ආණ්ඩුව මත්ද්‍රව්‍ය ඇල්ලීම සංදර්ශනයක් බවට පත්කරගෙන ලකුණු දමා ගැනීමට උත්සාහ කරන බවයි, රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *