අනුරගේ ලන්ඩන් රැලිය කළේ ඊළම හදන්න වෙන්කළ සල්ලිවලින්…! – දිළුම් අමුණුගම….

October 31, 2025 at 2:53 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය සමයේ ආයෝජන ප්‍රවර්ධන ඇමති ලෙස බටහිර රටවලට ගොස් දෙමළ ඩයස්පෝරාව මුණගැසුණේ තමන් බව සර්වජන බලය ජාතික සංවිධායක දිළුම් අමුණුගම පවසයි.

එහි දී උතුරේ ආයෝජන ප්‍රවර්ධන කලාපවල ආයෝජනය කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිය ද ඩයස්පෝරාවේ මුදල් වෙනම රාජ්‍යයක් සඳහා උපකාරී වන කටයුතු හැර කිසිවකට භාවිත කළ නොහැකි බව ඔවුන් දැනුම් දුන් බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ වන විට වර්තමාන ජනාධිපති අනුර දිසානායකගේ ලන්ඩන් ජන හමුවේ සංවිධාන කටයුතු සිදුකළ බවත් ඒ සඳහා භාවිත කළේ පෙර සඳහන් කළ ඊළම ගොඩනැඟීම සඳහා යැයි කී අරමුදල් බව ඩයස්පෝරා නියෝජිතයන් සඳහන් කළ බව ද දිළුම් අමුණුගම ප්‍රකාශ කරයි.

දිළුම් අමුණුගම මේ බව සඳහන් කළේ හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *