මහින්ද එක්ක ඉන්නේ මම නෙමෙයි… නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා…! – නිලන්ති කොට්ටහච්චි…

October 30, 2025 at 12:23 pm | by emanisa.lk

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග සුහද කතාබහක නිරත වන්නේ තමන් නොවන බව ප්‍රකාශ කරයි.

සමාජ මාධ්‍යයෙහි සංසරණය වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ මා පෙනී සිටින ආකාරයේ දැක්වෙන ඡායාරූපයෙහි සිටින්නේ මා නොවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නිල පිටුවෙහි සඳහන් එකී මංගල උත්සවයට මා සහභාගී නොවූ බවත්, එකී මංගල උත්සවයෙහි මා ආරාධිතයෙකු නොවන බවත් පාක්ෂිකයන් වෙනුවෙන් ලියා තබනෙමි.

යම් හෙයකින් මෙය සංස්කරණය කරන ලද්දක් වේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද මෙයින් දන්වා සිටිමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *