හොමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායකට (ජාතික ජන බලවේගය) මරණ තර්ජන එල්ල වී ඇතැයි හෝමාගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
පසුගිය 27 වෙනිදා සභාපතිවරයා මහජන දිනය පවත්වමින් සිටින අතර කාර්යාලයේ ජංගම දුරකතනය ඔස්සේ මෙම තර්ජනය කර තිබේ..
තමන් හඳයා ලෙස හඳුන්වා ගෙන ඇති අදාළ පුද්ගලයා මීගොඩ දී මරලා දාපු බනා ශාන්තට කළ දේමයි උඹටත් කරන්නේ යනුවෙන් ඔහු එහි දී මරණ තර්ජන කර ඇතැයි 28 වෙනිදා පොලිසියට පැමිණිලි කර තිබේ.