එංගලන්තේ ගිය ඇමතිලා සාමාන්‍ය ටිකට් අරන් ව්‍යාපාරික පන්තියේ ගිහින්…!

October 29, 2025 at 5:00 pm | by emanisa.lk

පසුගියදා එංගලන්ත සංචාරයක් සඳහා පිටත්ව ගිය ඇමති පිරිස ඒ සඳහා සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට්පත් මිලට ගෙන යානයේ ව්‍යාපාරික පන්තියේ ගමන් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම පිරිස සාමාන්‍ය පන්තියේ මගීන් සමග ගුවන් යානයට පිවිසිය ද අනතුරුව ව්‍යාපාරික පන්තියට පිවිස ඇති බව සඳහන් වෙයි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයක මෙම පිරිස ගොස් ඇති බවත් සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට් පත් ලබා ගෙන ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීම ද මුදල් අවභාවිතයක් බවත් විචාරකයෝ පවසති.

මේ වන විට අදාළ ගුවන්ගමනේ ඡායාරූප, ලිපි ලේඛන ඇතුළු සියලු විස්තර තවත් පිරිසක් අතට පත්ව ඇතැයි ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *