පාතාල නායකයන්ට දෙන එස්.ටී.එෆ්. ආරක්ෂාව මහජන නියෝජිතයන්ට දෙන්න රජයට නොහැකි වීම කනගාටුවට කරුණක් යැයි ගාල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.
“වත්මන් රජයට පොරොන්දු වූ ආකාරයට ජනතාවට සේවය කරන්න බැරි වුණාම විරුද්ධ පක්ෂවලට නොයෙකුත් චෝදනා එල්ල කරමින් මඩ ගහනවා. ඇතැම් ඇමැතිවරුන් බොරු ප්‍රකාශ නිකුත් කර ඒවා නිවැරදි කරන්න නාට්‍ය ආකාරයෙන් රඟපෑම් කරනවා.
පසුගිය කාලයේදී රට වටින් කුඩු ඇල්ලුවා කියලා පම්පෝරි ගැහුවා. මීට පෙර තිබූ කිසිම ආණ්ඩුවකින් රටට මේ තරම් කුඩු සහ මත්ද්‍රව්‍ය ගේන්න ඉඩ දුන්නේ නෑ. මේ ආණ්ඩුවෙන් පරීක්ෂා නොකර නිකුත් කළ කන්ටේනර්වල මේ කුඩු මත්ද්‍රව්‍ය ආවා කියලයි ජනතාව විශ්වාස කරන්නේ. පසුගිය කාලයේ අයිස් නමැති මත්ද්‍රව්‍ය නිපදවන කම්හලක් නුවරඑළියෙන් සොයා ගත්තා කියලා කෑගැහුවා. අද වන විට ඒ ගැන හෝඩුවාවක්වත් නෑ.
කිලෝ ගණන් අල්ලන කුඩු උසාවියට ඉදිරිපත් කරන්න කියලා විනිශ්චයකාරවරුන් පවා කියනවා. මේ අල්ලන මත්ද්‍රව්‍ය අධිකරණයට ඉදිරිපත් නොකර නැවතත් ජාවාරම්කරුවන් අතට යනවාද කියලා සැකයක් තිබෙනවා. ආණ්ඩුව ශක්තිමත් නම් දිනපතා සිදු වන මිනීමැරුම් නවතා වැඩ පෙන්වන්න කියලා ඉල්ලා සිටිනවා.”
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය.