පොල් වට මනිද්දි හිනා වුණාට සොරි නොකියාම මාලිමාණ්ඩුව ලූනු වට මනී…!

October 28, 2025 at 7:42 pm | by emanisa.lk

රජය විසින් ලොකු ලූනි මිලට ගැනීම සඳහා පනවා ඇති කොන්දේසි නිසා ගොවීන් රජයට ලූනු ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වෙයි.

ලංකා සතොස මිල දී ගන්නා ලොකු ලූනු ගෙඩියක වට ප්‍රමාණය මිලි මීටර 35-65 අතර විය යුතු බවට සහ කිලෝවක් ගෙඩි අටකින් සම්පූර්ණ කළ යුතු බවට කොන්දේසි පනවා ඇත.

මෙම කොන්දේසි යටතේ සපයන ලූනු කිලෝවකට රු. 140ක් ලබා දෙන බව සඳහන් පුවරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සවි කර තිබේ.

කෙසේ වුව ද එහි නියෝජිතයකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ කිසිදු ගොවියෙකු අදාළ කොන්දේසි යටතේ ලූනු තොග රැගෙන නො ආ බවත් දඹුල්ල වෙළඳපොළේ ලූනු කිලෝවක ගැනුම් මිල රු. 90ක් බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පොල් ගෙඩිවල වට මැන මිල නියම කිරීම එවක විපක්ෂයේ සිටි වර්තමාන ආණ්ඩුවේ නායකයන්ගේ දැඩි විවේචනයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *