ඇමරිකාව සිය කොන්දේසී ඉටු නොකළ ඉන්දියාවට 50%ක තීරු බදු පනවන අතර කොන්දේසි ඉටු කළ පාකිස්ථානයට 19%ක තීරු බදු පැනවූ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
විමල් වීරවංශ පෙන්වා දෙන්නේ පාකිස්ථානය ඇමරිකානු තෙල් මිලට ගැනීමට, එරට දුර්ලභ ඛනිජ සම්පත් කැනීමේ අවස්ථාව සහ ඩිජිටල්කරණ කටයුතු ඇමරිකානු සමාගම් වෙත ලබා දීමට එකඟ වී ඇති බවයි.
ඒ අනුව ඇමරිකාව ශ්‍රී ලංකාවට ද පාකිස්ථානයට සමානව 20%ක බදු පැනවීම සඳහා යම් කොන්දේසි ප්‍රමාණයකට එකඟ වී ඇති බවත් ඒවා ආණ්ඩුව රටට හෙලිදරව් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
තමන්ට දැන ගන්නට ලැබී ඇති පරිදි ඇමරිකානු නාවික හමුදා කඳවුරක් තිරිකුණාමලයේ පිහිටුවීමට, එහි යන එය පිරිසට ආගමන විගමන නීතිවලින් මුක්තිය ලබා දීම, ජාත්‍යන්තරය මුල ඇමරිකාවට එරෙහිව පවත්වන ඕනෑම ඡන්දයක දී ඇමරිකාවට පක්ෂපාතී වීම, හදිසි යුද තත්ත්වයක දී මෙරට මාර්ග, වරාය සහ ගුවන්තොටුපළ ඇමරිකානු හමුදාවට භාවිතයට අවසර දීම ආදී භයානක එකඟතාවලට මෙරට ආණ්ඩුව එකඟ වී ඇති බව විමල් වීරවංශ සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හිටපු ඇමතිවරයා මේ බව කීය.