2026 පළමු වසර පළමු වාරයේ සිංහල විෂයට අදාළ මොඩියුලයේ බාර්කෝඩ් 42ක් ඇති බවත් ඊට අදාළ පාඩම් මුද්‍රණය කරගැනීමට දෙමාපියන්ට සිදුවන බවත් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන පවසයි.
රජය පෙළපොත් මුද්‍රණය අතහැරීමත් සමග මෙම අපහසුතාව තේරුම් ගන්නා පෞද්ගලික අංශය පෙළපොත මුද්‍රණය කරන බවත් ඔහු පෙන්වා දෙයි.
එවිට දෙමාපියන්ට පාසල් පෙළපොත මුදල් ගෙවා ගැනීමට සිදුවනු ඇතැයි ද වාස් ගුණවර්ධන පෙන්වා දෙයි. මේ රටේ බහුජන සංවිධාන සමග එකතු වී එය පරාජය කිරීමට මැදිහත් වන බව ද ඔහු අවධාරණය කරයි.