ඩයස්පෝරාවට ඡන්ද අයිතිය ලබා දෙන්න සූදානම්….!

October 28, 2025 at 9:39 am | by emanisa.lk

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ද මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් අද (27) පැවැති වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනටමත් ඡන්දය ලබා දීමට අවශ්‍ය කරන පහසුකම් සලසා, ඊට අවශ්‍ය කරන නෛතික තත්ත්වය ඇති කිරීමට, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් කමිටුවක් පත් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

විදෙස්ගත ශ්‍රමිකයන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම සඳහා අවශ්‍ය කරන නෛතික සම්පාදනයන් ද සිදු කරමින් ඇති බව විජිත හේරත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *