රටේ සංවර්ධන ගමන වේගවක් කරන්න අධිවේගී ටෙන්ඩරයක්…. කැබ් 1775ක් ගන්න බිලයන 40 ටෙන්ඩරයට දින 12යි…!

October 27, 2025 at 7:36 pm | by emanisa.lk

රජය ඩබල් කැබ් රථ 1775ක් මිලට ගැනීම සඳහා මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ටෙන්ඩර් කැඳවා තිබේ.

රුපියල් බිලයන 40.8 දැවැන්ත මුදල් ගනුදෙනුවක් සිදුවන මෙම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වීමට දින 12ක කෙටි කාලයක් ලබා දීම බොහෝ පාර්ශ්වල විමතියට හේතු වී තිබේ.

ඒ සඳහා පිළිගත හැකි හේතුවක් මෙතෙක් රජය පාර්ශ්වයෙන් ප්‍රකාශ කොට නොමැති අතර මෙය ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකුට ටෙන්ඩරය ලබා දීම සඳහා විශාල මුදල් ගනුදෙනුවක් මත කළ සැලසුම්සහගත ක්‍රියාවක් බවට ද අදහස් ප්‍රකාශ වෙයි.

මෙම කැබ් රථ මිලට ගන්නේ රජයේ සංවර්ධන වැඩසටහන් වේගවත් සහ කාර්යක්ෂම කිරීම සඳහා බවයි, වාර්තා වන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *