76 අවුරුද්දක් නුදුන් සහන අපි අවුරුද්දෙන් දුන්නා…. පාසල් ජල ටැංකියක් විවෘත කරමින් ඇමති කියයි…!

October 26, 2025 at 12:40 pm | by emanisa.lk

මීට පෙර ආණ්ඩු කාලවල අයවැය පරතරය වැඩි වුව ද මෙවර 32.5%කින් අයවැය පරතරය අඩුකර ගැනීමට සිය ආණ්ඩුවට හැකියාව ලැබී ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසයි.

එසේම වෙන කිසිදු රජයකට ලබා දීමට නොහැකි වූ තරම් සහන දුර්වල ආර්ථිකයක් තබා ගෙන වසරක් ඇතුළත ලබා දුන් බව ද ඔහු පෙන්වා දෙයි.

එම සහන ලබා දීමට හැකි වූයේ හිටපු පාලකයන් මහජන මුදල් තොග පිටින් කොල්ල කෑමේ සංස්කෘතිය වෙනස් කිරීමෙන් බව ද ඇමති ධම්මික පටබැඳි ප්‍රකාශ කරයි.

සිය ආණ්ඩුව අනවශ්‍ය වියදම් සීමා කොට ඇමතිවරුන්ට හිමි වැටුප් සහ ඉන්ධන දීමනා දෙකෙන් එක බැගින් ලබා ගනිමින් ජනතාවට සහන ලබාදීමට මුදල් ඉතිරි කළ බව ද හෙතෙම සඳහන් කරයි.

පස්‍ගියදා (25) පාසලක ජල ටැංකියක් විවෘත කිරීමේ උත්සව අවස්ථාව සමග එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *